යහපත් අනාගතයක් සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට හැකි සෑම අයුරින්ම සහය දැක්වීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමයි’ - ආරක්ෂක ලේකම්
ජනවාරී 01, 2025පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ යහපත් අනාගතයක් සඳහා ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ඉදිරි කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශය වෙනුවෙන් හැකි සෑම අයුරින්ම සහය දැක්වීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමයි.
2025 නව වසරේ රාජකාරින් චාරිත්‍රානුකූලව ආරම්භ කරමින් අද (ජන 01) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සංවිධානය කරන ලද වැඩසටහනට එක් වූ ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මෙම අදහස් ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම නීති ගරුක සහ විනය ගරුක සමාජයක් බිහි කිරීම මෙන්ම ජාති, ආගම්, කුල දේශපාලන භේද පසෙකලා සහජීවනය පෝෂණය කරමින් සමෘද්ධිමත් දේශයක් ගොඩ නැගීම සඳහා අප සියලු දෙනා කැප විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම රට තුල පාරිසරික, ආර්ථික හා සාමාජීය ස්ථිරසාර සංවර්ධනය මෙන්ම රට තුල සදාචාරාත්මක පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Clean Sri Lanka” වැඩසටහන වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කල යුතු බවද ප්‍රකාශ කළේය.
අද උදැසන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මෙම චාම් උත්සවයෙහි කටයුතු ආරක්ෂක ලේකම්වරයා අතින් ජාතික ධජය එසවීමෙන් ආරම්භ කෙරිණ.
ඉන් අනතුරුව රැස්ව සිටි සියලු දෙනා ජාතික ගීය ගායනා කිරීමත් මියගිය රණවිරුවන් හා දේශය වෙනුවෙන් දිවි කැප කල සියලු දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමත් සිදුකරන ලදි.
මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා සමස්ථ රාජ්‍ය සේවයම තිර අදිටනින් කැප වීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන “Clean Sri Lanka” වැඩසටහන අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී එළිදැක්වුනු අතර, ආරක්ෂක අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයද, එයට අනුගතව මෙම වැඩ සටහන සමඟ සම්බන්ධ වෙමින් “Clean Sri Lanka” පුරවැසි ප්‍රතිඥාව ලබා දී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කලහ.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ඇති සියලුම අංශයන්හි අංශ ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශයේ සේවය නියුතු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සහභාගි වුහ.