නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධූරයේ වැඩ භාර ගනී
ජනවාරී 01, 2025අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) අද (ජන 01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ඉන් අනතුරුව මේජර් ජෙනරල් වනිගසූරිය (විශ්‍රාමික) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කලේය.