නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජනවාරී 02, 2025ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද (ජනවාරි 02) කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව මෙයයි.
මෙම හමුවේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ වෙත ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන එක් කළ අතර, ශක්තිමත් පාලනය සහ වගවීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාවය පිළිබඳව අවධාරණය කරමින් ඔහුගේ නායකත්වය යටතේ යුද හමුදාව සඳහා විය යුතු ප්‍රධාන ප්‍රමුඛතා සබැඳිව දැනුවත් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යුද හමුදාවේ කාර්යභාරයේ වැදගත්කම මෙම හමුවේදී පෙන්වා දෙන ලද අතර, රජයේ ප්‍රතිපත්තිය තහවුරු කරමින් යහපාලනය, සම්පත් කළමනාකරණය, වගවීම සහ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යුද හමුදා නායකත්වයේ සැබෑ කැපවීම පිළිබඳව ද මෙම හමුවේදී අමාත්‍යවරයා කරුණු අවධාරණය කරන ලදි.