රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්යක්ෂ ලෙස
එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජයනායක පත් කෙරේ
ජනවාරී 03, 2025
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 2025 ජනවාරි 02 දින සිට බලපැවැත්වෙන පරිදි රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ නව අධ්යක්ෂවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජයනායක පත්කර ඇත.
ඒ අනුව, පත්වීම් ලැබූ නව අධ්යක්ෂවරයා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්න ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටි රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියෙහි සිය කාර්යාලයේදී එයාර් වයිස් මාර්ෂල් විජයනායක ඊයේ (ජන 2) දින නිල වශයෙන් නව ධූරයේ වැඩ භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට අතිරේක ලේකම් - ආරක්ෂක සේවා, ජයන්ත එදිරිසිංහ මහතා සහ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සහභාගී වුහ.