නව ජාතික බුද්ධි ප්‍රධානි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජනවාරී 03, 2025ජාතික බුද්ධි ප්‍රධානි ලෙස පසුගියදා නව පත්වීම් ලැබූ මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) අද (ජනවාරි 03) දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
මේජර් ජෙනරල් වනිගසූරිය (විශ්‍රාමික) පසුගියදා (ජන 01) ජාතික බුද්ධි ප්‍රධානි වශයෙන් සිය ධූරයේ වැඩ භාරගත්තේය.