රාජකීය ලංකා නාවික හමුදාවේ හිටපු සාමාජිකයා හට
ශ්‍රී ලංකා නාවික හමුදා අවසන් ගෞරව කයිට්ස්හිදී

ජනවාරී 06, 2025

රාජකීය ලංකා නාවික හමුදාවේ හිටපු කීර්තිමත් සාමාජිකයෙකු වන සුලු නිලධාරි අරුලානන්දම් මරියම්පිල්ලෙයි හට පසුගිය බ්‍රහස්පතින්දා (ජන 2) කයිට්ස් දූපතේ ශ්‍රී ලංකා නාවික හමුදා ගෞරව බුහුමන් දක්වන ලදී.  

2024 දෙසැම්බර් 31 වන දින ඔහු අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව නාවික සාම්ප්‍රදයනූකුලව මෙම උපහාරය සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය පවසයි.

1954 දෙසැම්බර් 30 වැනිදා රාජකීය ලංකා නාවික හමුදාවේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සුළු නිලධාරි මාරියම්පිල්ලේ 1976 දෙසැම්බර් 29 වැනිදා විශ්‍රාම යන තෙක් වසර 22ක් කැපවීමෙන් සේවය කළ අයකු වේ.

උතුරු නාවික විධානය විසින් අවමංගල්‍ය කටයුතු නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද බව ද නාවික හමුදා මාධ්‍ය වාර්තාව තවදුරටත් පවසයි.