පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 06, 2025

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරාල් Faheem Ul Aziz (විශ්‍රාමික) අද (ජන 06) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදි හමුවිය.

මෙම හමුවේදී පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) අතර, සුහද සාකච්ඡාවක් පැවැත්විණි. දෙරට අතර, දීර්ඝ කාලීන සහයෝගීතාවය සහ මිත්‍ර සබඳතා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පාකිස්ථාන නියෝජිතවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවයේ වැදගත්කම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අවස්ථා ඉහල නැංවීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය. තවද, අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය සඳහා දෙරටේ කැපවීම මෙම රැස්වීමේදී පිළිබිඹු විය.