අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්
ජනවාරී 20, 2025දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15 වැනි දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.
අයහපත් කාළගුණික තත්වය හමුවේ අධික වර්ෂාපතනය හේතුවෙන් පදවිය, මාඔය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන මහ ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ජිවිතාරක්ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරිණි. ඒ අනුව, එම සහන කණ්ඩායම්, අද උදෑසන (2025 ජනවාරි 19) වන විටද ජලයෙන් යටවී ඇති පදවිය බුද්ධන්ගල මාර්ගය හරහා මහජනතාවට ආරක්ෂිතව ගමන් කිරීමට පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.
තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් පනහක් (50) සූදානමින් තබා ඇත.
අනුග්‍රහය - www.navy.lk