‘දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය’
ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක බැංකු නියෝජිත පිරිසක්
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජනවාරී 21, 2025
කලාපීය අධ්‍යක්‍ෂ (මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව) ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රමුඛ ලෝක බැංකු කළමනාකාරීත්වයේ නියෝජිත පිරිසක් ජනවාරි 20 කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
දීර්ඝ කාලීන ව්‍යාපෘති කළමනාකරණ ගැටළු විසඳීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පැවති මෙම රැස්වීමේ දී ‘ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය’ ව්‍යාපෘතියට බලපාන ගැටළු විසඳීම සඳහා සහ අභියෝගවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ග සාකච්ඡා කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දුන් අභියෝග සහ බාධක පිළිබඳ නියෝජිත පිරිස විසින් දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලද අතර, මෙම අභියෝගවලට මුහුණ දීම සහ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා රජයට සලකා බැලිය හැකි ක්‍රියාමාර්ග මාලාවක් ඔවුන් විසින් යෝජනා කරන ලදී.
දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා මෙම රැස්වීම වැදගත් වන අතර, එමඟින් දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීමට මෙන්ම ශක්තිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා වන ප්‍රයත්නයන්ට දායක වේ.