ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක
ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ජනවාරී 22, 2025
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ශාන්ත හේවගේ, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (ජන 22) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වශයෙන් නව පත්වීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා පළමුවරට හමු වූ මෙම අවස්ථාවේදී මේජර් ජෙනරල් හේවගේ විසින් අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දැනට ක්‍රියාත්මක වැඩසටහන් සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රමුඛතම ආයතන ලෙස සැලකෙන ත්‍රිවිධ හමුදාවේ ඉතා භාරධූර වගකීම් සහිත නිලතල දැරීම සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් නිර්මාණය කිරීමේදී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් ලබාදෙන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කළ එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාව අනාගතයේදී විශිෂ්ඨත්වය කරා මෙහෙයවිය හැකි හමුදා නිලධාරීන් බවට පත්කිරීම සඳහා විද්‍යාලයේ ඉගෙනුම් ක්‍රමවේදය ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත වන පරිදි පවත්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කළේය.
සාකච්ඡාව අවසානයේ මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ.