ආරක්ෂක අමාත්‍යාංශය Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ
තවදුරටත් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ජනවාරී 24, 2025
"Clean Sri Lanka" ව්‍යාපෘතිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ සහ ඊට අදාලව ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් අද (ජන 24) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම මුලපිරීම ඔස්සේ දිළිඳුකම පිටුදැකිම, ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම ඇතුළු ප්‍රධාන සමාජ-ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම අරමුණු කරනු ලබයි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේදී "Clean Sri Lanka" ජාතික මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා සක්‍රීයව දායක විය හැකි ආකාර පිළිබඳව සහභාගී වූ පිරිස දැනුවත් කිරීම මෙන්ම, ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලදි.
මෙම වැඩසටහනේ අරමුණු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කල හැකි ආකාර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව තුළ පරිවර්තනීය වෙනස්කම් ඇති කිරීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව ඇති හැකියාවන් පිලිබඳ මෙම සාකච්ජාවේදී නිලධාරීන් විසින් අවධාරණය කරන ලදි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න අද දින පැවති වැඩසටහන මෙහෙයවමින් ඒ සඳහා වටිනා සම්පත් දායකත්වයක් ලබා දුන්නේය.
"Clean Sri Lanka" වැඩසටහන ඔස්සේ මෙරට භෞතික හා පාරිසරික පාරිශුද්ධත්වය වැඩිදියුණු කිරීමට පමණක් නොව සියලු පුරවැසියන්ගේ ජීවිතවලට ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට උත්සාහ කරයි. රජයේ සෑම තරාතිරමකම නිලධාරීන් විනිවිදභාවයකින් සහ වගවීමෙන් කටයුතු කිරීම මෙන්ම ඩිජිටල්කරණය හා තාක්ෂණය දියුණු කිරීම, දේශීය ආර්ථිකයට සහාය වීම සහ ප්‍රවර්ධනය කිරීම වැනි ප්‍රධාන අංග රාශියක් මෙම වැඩසටහනට ඇතුළත් වේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන ආරක්ෂක අමාත්‍යාංශය පිරිසිදු හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා වන රජයේ දැක්මට සහය දැක්වීමට සිය කැපවීම යළිත් අවධාරණය කළේය. රාජ්‍ය අංශයේ ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර ක්‍රියාකාරී සහයෝගීතාව මත "Clean Sri Lanka" වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින බව මෙහිදි අවධාරණය කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානින්, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.