ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනාවිධායක
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජනවාරී 27, 2025
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් චමිල මුණසිංහ (විශ්‍රාමික) අද (ජන 27) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනාවිධායක සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාවේදී ජාතික ආරක්ෂක විද්‍යායතනයෙහි ප්රගතිශීලී සංවර්ධනය සහ අනාගත සැලසුම් පිළිබඳව අවධානය යොමු කරන ලද අතර, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දී ඇති නැගී එන උපායමාර්ගික ගැටළුවලට විසඳුම් ලබා දෙමින් ජාතික ආරක්ෂාව සඳහා එහි කාර්යභාරය වැඩිදියුණු කිරීමට සහ ජාතික සංවර්ධනයට ලබා දිය හැකි බුද්ධිමය දායකත්වය පිළබදව ද අවධානය යොමු කරන ලදි.