එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජනවාරී 28, 2025නික්ම යන ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඊයේ (ජන 27) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නිල වශයෙන් හමු විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් රාජපක්ෂ ගේ ධුර කාලය අවසන් වීම සනිටුහන් කරමින් මෙම සුවිශේෂී හමුව සිදු වූ අතර, මෙම නිළ හමුවේදී මෑත කාලීනව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්ධනය සහ නවීකරණය වෙනුවෙන් සිදුකල දායකත්වය මෙන්ම ඔහුගේ නායකත්වය යටතේ අත්කර ගත් ප්‍රධාන ජයග්‍රහණද විදහා දැක්වීමද සිදුවිය.
මෙම අවස්ථාවේදී, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ තම ධුර කාලය තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තමාට ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රගතිය සහ ජාතික ආරක්ෂාව උදෙසා සිදු කලා වූ සේවය වෙනුවෙන් විශ්‍රාම ගන්නා හමුදාපතිවරයාට ප්‍රශංසා එක් කරන ලදි.