ඔස්ට්‍රේලියානු ජාතික දින සැමරුම් උත්සවය කොළඹ දී
ජනවාරී 28, 2025ජනවාරි 26 වැනිදාට යෙදෙන ඔස්ට්‍රේලියානු ජාතික දිනය නිමිත්තෙන් කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (ජන 27) දින විචිත්‍රවත් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා එක් විය.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම උත්සවයට එක් වූහ.
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවති මෙම උත්සවය සඳහා පැමිණි සම්භාවනීය ආරාධිතයින් මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් විසින් පිළිගනු ලැබීය. මෙහි සමාරම්භක දේශනය පවත්වමින් මහ කොමසාරිස්වරයා, හවුල්කාරිත්වය සහ තිරසාර සංවර්ධනය මත ගොඩනැගුණු දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව ඉස්මතු කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හා නාවික හමුදාපතිවරුන්, ජාතික බුද්ධි ප්‍රධානී, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.