දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ
සුබසාධන කටයුතු හා ගැටළු පිළිබඳ සොයා බැලීමට පත්කල කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
ජනවාරී 29, 2025
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වැද දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සිව්වන සාකච්ඡා වාරය 2025 ජනවාරි මස 28 වනදා ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී පසුගිය රැස්වීමේදී හදුනාගත් ගැටළු සඳහා ගත් පියවරයන් පිළිබඳව හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාල කමිටු සාමාජිකයින් හා අදාල ක්ෂේත්රවල බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමද, සිදු කරගෙන යන සුභසාධන කටයුතුවල වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීමද, මෙම අවස්ථාවේදී සිදු කරන ලදී.
එමෙන්ම, වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වීම සහ එසේ විශ්‍රාම ගන්වන ලද හමුදා සාමාජිකයින් මියයාම හේතුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් හට සහන හිමිගැන්වීමේදී පැවති ගැටළු නිරාකරණය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
තවද, හමුදා සේවයේ යෙදී සිට විශ්‍රාමික, මියගිය, ආබාධිත, යුද්ධයේදී අතුරුදහන්වූ, නීත්‍යාණූකූලව හමුදාවෙන් ඉවත්වූ හමුදා සාමාජිකයින් සහ වැන්දඹුවන්/එම පවුල්වල සාමාජිකයින් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම සහ ඔවුන්ගේ නොවිසදුනු ගැටළු නිරාකරණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරි, සිවිල් ආරක්ෂක බලකාය, රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාවන් සහ පොලීසිය එක්ව නිසි ක්‍රමවේදයක් ඔස්සේ සුදුසු ජාලයක් සකස්කිරීමේ ඇති වැදගත්කම සහ බිම් මට්ටමේ සිට එම ජාලය ක්‍රියාත්මක කලයුතු ආකාරය සම්බන්ධයෙන්ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කරන ලදි.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) ඇතුළු නිලධාරීන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, විෂයානුබද්ධව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ අධ්යක්ෂවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.