ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක,
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමු වෙයි

ජනවාරී 29, 2025

කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් Anthony C. Nelson ඇතුළු නිලධාරීන් පිරිසක් අද (ජන. 29) දින උදෑසන නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.

සිය කාර්යාලයට පැමිණි ඇමරිකානු දුත පිරිස නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ පැවතී සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජය මගින් ලබාදෙන සහයෝගය අගය කල අතර, ඒ වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය. තවද, මෙහිදී දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාවය මෙන්ම, දිගුකාලින සුහදත්වය සහ අන්‍යොන්‍ය අවබෝධය තුලින් ඇති වී තිබෙන ශක්තිමත් සහ කල්පවත්නා බැඳීම් පිළිබඳව ද දෙපාර්ශවයේ නිලධාරීන් අදහස් හුවමාරු කර ගත්හ.

එමෙන්ම, මෙම හමුව ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සහ වටිනා සහ සම්බන්ධතාවය යළිත් තහවුරු විය.