නාවික හමුදාව කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය සඳහා
වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
ජනවාරී 30, 2025
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපනය කිරීම, 2025 ජනවාරි මස 29 වැනි දින සිදුකෙරිණි.
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද තිස්වන (30) වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපනය කිරීම මඟින්, එම ඒකකයේ ප්‍රථිකාර ලබන වකුගඩු රෝගීන් 06 දෙනෙකු වෙත එකවර රුධිර කාන්දුකරණය කලහැකි අතර, එහි ධාරීතාවය රෝගීන් දස දෙනෙකු (10) සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි පරිදි පුළුල් කිරීමේ හැකියාවද, පවතී.
තවද, මෙම සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සියළු පාර්ශවකරුවන් ජාතික රෝහලේ ස්ථාපනය කල ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය එම රෝහල වෙත භාරදීමේ අවස්ථාව සඳහා සහභාගීවී සිටියහ.
අනුග්‍රහය - www.navy.lk