පාකිස්ථාන නාවික හමුදාවේ PNS ASLAT නෞකාව කොළඹ වරායට සේන්දු වේ
පෙබරවාරි 01, 2025පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා අද (පෙබ 01) දින උදෑසන කොළඹ වරායට ලඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.
PNS ASLAT පාකිස්ථාන නාවික හමුදාවට අයත් 243 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත දිග මීටර් 123 ක් වන යුද නෞකාවකි.
නෞකාව කොළඹ වරායේ රැඳී සිටින කාලය තුළ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමට ද නියමිත අතර, එළඹෙන පෙබරවාරි 04 වන දින මෙම නෞකාව දිවයිනෙන් පිටත්වයාමට නියමිත බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.