නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ‘Love and Lure of the Wilds’
ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙයි

පෙබරවාරි 03, 2025

ජෙනරල් ජෙරී හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික) විසින් රචිත ‘Love and Lure of the Wilds’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය. මෙම උත්සවය අද (පෙබ 1) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කීර්තිමත් සාහිත්‍යධරයෙකු සහ කතුවරයෙකු වන ජෙනරල් ද සිල්වා (විශ්‍රාමික) ඔහු විසින් රචිත 'War Heroes Killed-in-Action' ග්‍රන්ථය ඇතුළු කැපී පෙනෙන කෘති කිහිපයක් රචනා කොට ඇත. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 13 වැනි හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර, පසුව පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද, කටයුතු කළේය. 2020 වර්ෂයේදී ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 5 වන කුලපතිවරයා ලෙසද, පත් කරනු ලැබීය.