ආරක්‍ෂක ලේකම් ‘BNS SOMUDRA JOY’ නෞකාවේ සංචාරයක
පෙබරවාරි 03, 2025ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගිය සෙනසුරාදා (පෙබ 01 දින) සන්ධ්‍යාවේ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් 'BNS SOMUDRA JOY' නෞකාව නිල සංචාරයක නිරත විය. එම නෞකාව පසුගිය ජන.31 දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා කොළඹ වරාය වෙත ලඟා විය.
නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් Md. Shahriar Alam විසින් නෞකාව වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිය. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු Andalib Elias මැතිතුමා ද, මෙම අවස්ථාවට එක්ව සිටියේය.
රැස්ව සිටි සභාව ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින ශක්තිමත් දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් පිළිබඳ සිහිපත් කළේය. කලාපීය වශයෙන් දෙරට අතර පවතින හවුල්කාරිත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය අන්තර් සහයෝගීතාව, ඒකාබද්ධ අභ්‍යාස සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද, ඔහු මෙහිදී යළිත් තහවුරු කළේය.
නාවික හමුදාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.