වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 35,328 ක් දක්වා ඉහළට

ජනවාරී 01, 2021

අද (ජනවාරි 01) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 597 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 43,298 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් තිදෙනෙකු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර, විදේශිකයන් දෙදෙනෙකු ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් 256 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 63 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 211 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 01) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 39,549 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 32,571 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඊයේ (31) දින තවත් PCR පරීක්‍ෂණ 12,592 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 355 ක් වන අතර, ඒ අතුරින් ඕස්ට්‍රෙලියාවේ සිට 290 දෙනෙකු, කටාර් සිට 30 දෙනෙකු සහ 35 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 706 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 35,328 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,766 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 77 ක් යටතේ පුද්ගලයින් 5,243 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණ 05ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස් තිබේ.