මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි
පෙබරවාරි 04, 2025මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් පසුගිය සඳුදා (පෙබරවාරි 03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව සිහිපත් කල අතර, ඉන්දියානු සාගර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. ආරක්‍ෂක සබඳතා, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගිතා ප්‍රයත්නයන් ඇතුළුව ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.
මෙහිදී, ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවය පිළිබඳ කර්නල් හසන් අමීර් සිය ප්‍රසාදය පළ කල අතර, ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මාලදිවයිනේ කැපවීම යළිත් අවධාරණය කළේය.
මෙම හමුව සටහන් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.