නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පාකිස්ථාන නාවික හමුදාවට
අයත් PNS ASLAT නෞකාවේ සංචාරයක

පෙබරවාරි 04, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (පෙබ 03) දින සන්ධ්‍යාවේ පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාවේ සංචාරයක නිරත විය. PNS ASLAT නෞකාව පසුගිය ඉරිදා (පෙබ 01) දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද, මෙම අවස්ථාවට එක්විය.

නෞකාවට පැමිණි සම්භාවනීය අමුත්තන් නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Muhammad Azhar Akram විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් Faheem-Ul-Aziz (විශ්‍රාමික) ද, මෙම අවස්ථාවට එක්විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.