රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේ මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාවේ දක්‍ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය බල නැවි ආර්බීජී චින්තක විසින් දිනා ගැනීමට සමත්වෙයි

පෙබරවාරි 06, 2025

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සිඩ්නි හි පිහිටි ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේදී 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට දෙසැම්බර් මස 13 වැනි දින දක්වා පැවති මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාව සඳහා සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා එම පාඨමාලාවේ දක්‍ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය දිනා ගනිමින්, ඒ සඳහා හිමි වන “වේනින් අනුස්මරණ තිළිණය” (WAINING MEMORIAL PRIZE) හිමිකර ගැනීමට සමත්විය.

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේදී පැවති මෙම මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාව හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නාවිකයින් 04 දෙනෙක් සහ ෆීජි, පිලිපීන, වියට්නාම්, ශ්‍රී ලංකාව හා කා‍ම්බෝදියාව නියෝජනය කරමින් නාවිකයින් 05 දෙනෙක් සහභාගී වූහ. ඒ අනුව, විදේශීය නාවිකයන් සියලුම දෙනා අභිබවා එම පාඨමාලවේ න්‍යායික හා ප්‍රායෝගික පරීක්‍ෂණයන්ගෙන් වැඩිම ලකුණු හිමිකර ගනිමින් මෙලෙස පාඨමාලවේ දක්‍ෂතම නාවිකයාට පිරිනමනු ලබන ‘DUX’ සම්මානය හිමිකර ගනිමින්, ඔස්ට්‍රේලියානු ජාතික කවුන්සිලයේ නාවික සංගමය වෙතින් පිරිනමනු ලබන “වේනින් අනුස්මරණ තිළිණය” (WAINING MEMORIAL PRIZE) දිනාගැනීමට බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා සමත්විය.

එමෙන්ම, බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා විසින් එලෙස ‘DUX’ සම්මානය දිනාගැනීම, 1966 වසරෙන් පසුව එම සම්මානය විදේශීය නාවික හමුද සාමාජිකයෙකු හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙසද සනිටුහන් විය.

තවද, බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා ඔස්ට්‍රේලියාවේ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලද ප්‍රථම නාවිකයා ලෙස මෙලෙස විශිෂ්ඨ දස්කම් පෙන්නුම් කිරීම මඟින්, සියලුම පුහුණු වන නාවිකයන් වෙත විශාල ආදර්ශයක් ගෙනදීමට පමණක් නොව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කීර්තියක් ගෙනදීමටද සමත්වී ඇත.

අනුග්‍රහය - www.navy.lk