එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
පෙබරවාරි 06, 2025
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික සම්බන්ධීකාරක Marc - Andre Franche මහතා ඊයේ (පෙබ 5) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
එහිදී, දෙපාර්ශ්වයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර, පවතින අන්තර් සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පොදු අවශ්‍යතා පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර, ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කළහ.
සාකච්ඡාව අතරතුර එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් මෙරට ජාතික සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වනු ලබන සුවිශේෂී දායකත්වය ඉස්මතු කරමින් එම සංවිධානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද සහභාගී විය.