සේවයෙන් නික්ම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී
ආරක්‍ෂක ලේකම්වරයා හමුවේ

පෙබරවාරි 06, 2025

සේවයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර අද (පෙබ 06) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.

මේජර් ජෙනරල් නානායක්කාර කීර්තිමත් හමුදා නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිදුකළ විශිෂ්ඨ කාර්ය භාරය මෙන්ම ඉමහත්  කැපවීමෙන් සිදුකල සේවය සහ නායකත්වය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළේය.

මෙහිදී, ආරක්‍ෂක ලේකම්වරයා විසින් මේජර් ජෙනරල් නානායක්කාර ජාතිය වෙනුවෙන් කළ උදාරතර කැපවීම සහ වසර ගණනාවක සේවය අගයමින් ඔහු වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. නික්ම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළකළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ ඉදිරි සාර්ථකත්වය පිළිබඳ තම විශ්වාසය යළිත් තහවුරු කළේය.