ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් හමුවෙයි
පෙබරවාරි 12, 2025ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (පෙබ 12) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගාලෝරු හි පැවැත්වෙන Aero India 2025 ගුවන් සංදර්ශනය අතරතුර දී හමු විය.
ගුවන් සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳ ගවේෂණය කරමින් ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මූලික වශයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී. ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් මෙහිදී අවධාරණය කරන ලද අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ඒකාබද්ධ මුලපිරීම් පිළිබඳ කරුණු හුවමාරු කර ගන්නා ලදි.
මෙම හමුව සනිටුහන් කිරීම සහ ආරක්‍ෂක සබඳතා තරකර ගැනීමේ අන්‍යෝන්‍ය කැපවීම සංකේතවත් කිරීම වෙනුවෙන් මෙම අවස්ථාවේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්විය.
තවද, ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා එදිනම ඉන්දීය ගුවන් හමුදා පුහුණු විධානයේ ප්‍රධාන ගුවන් අණදෙන නිලධාරී එයාර් මාර්ෂල් නාගේෂ් කපූර් හමුවිය.
ආරක්‍ෂක අංශයේ අන්‍යෝන්‍ය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් ඵලදායි සාකච්ඡාවක ඔවුන් නිරත වූ අතර, පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සහ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම මෙම අවස්ථාවේ ඉස්මතු කළහ. සමරු තිළිණ හුවමාරුවකින් මෙම රැස්වීම අවසන් විය.