‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියෙන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තවත් රන් පදක්කමක්

පෙබරවාරි 13, 2025

ශ්‍රී ලංකාවේ පැරා මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුලින් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සමත්විය.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරඟවදිමින් මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සිය සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම ජයග්‍රහණය ඔහුගේ පුද්ගලික කැපවීම පමණක් නොව ශ්‍රී ලංකාවේ පැරා මළල ක්‍රීඩාවේ ශක්තිය ද, පෙන්නුම් කරයි. මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර පැරා ක්‍රීඩාව තුල ශ්‍රී ලංකාවේ පැවැත්ම තහවුරු කරනු ලබන අතර ඉදිරි තරඟාවලියන්හිදී තවදුරටත් සාර්ථකත්වය කරා යාම සඳහා අවශ්‍ය මංපෙත් සකසා දෙයි.

අනුග්‍රහය - www.army.lk