ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් ජීවතාරක්‍ෂකයින්
පානදුර වෙරළේ පුද්ගලයින් 11 දෙනෙකු බේරා ගනියි
පෙබරවාරි 13, 2025
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජිවිත ආරක්‍ෂක නිලධාරින් විසින් දියත් කල වික්‍රමාන්විත ජිවිත ආරක්‍ෂක මෙහෙයුමකින් අනතුරුව පෙබරවාරි 12 වන දින සවස 0510 ට පමණ පානදුර වෙරළ තිරයේ ජල ප්‍රවාහයකට හසු වී මුහුදට ඇදි ගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ දිවි බෙරා ගැනීමට හැකි වී ඇත. කෙසේ වෙතත් මෙම පුද්ගලයින් සමඟ සිටි එක් තරුණයෙකු දියේ ගිලි අතුරු දහන්ව ඇති අතර, ඔහු සොයා ගැනීමට ජිවිතාරක්‍ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියත්මක වෙමින් පවති.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 12ක් 20ත් අතර, තරුණයන් 12 දෙනෙකු වන අතර, ඔවුන් ඊයේ සවස පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටින අවස්ථාවේ ප්‍රභල ජල ප්‍රවාහයකට හසුව මීටර් 150 ක් 200 ක් පමණ ඇදී ගොස් ඇත. එම අවස්ථාවේ පානදුර ජිවිත ආරක්‍ෂක ස්ථානයේ සේවය කල ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්ථමේන්තුවේ BGAC සෙනෙවිරත්න සහ WCP විපුලසේන යන ජිවිත ආරක්‍ෂකයින් තත්වය වහා හදුනාගෙන ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජිවිත ආරක්‍ෂක මෙහෙයුම් සඳහා නායකත්වය ලබාදෙමින් පොලිස් ජිවිත ආරක්‍ෂකයින්ගේද සහය ඇතිව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ දිවි බේරාගෙන වෙරළට ගෙනෙවිත් ඇති අතර, ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු මේවන විට අතුරුදහන්ව ඇත.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දිවයින පුරා වෙරළේ සංචාරය කරන ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම උදෙසා වැදගත් භූමිකාවක් ඉටු කරයි. පුහුණු සහ පළපුරුදු ජීවිත ආරක්‍ෂකයින් ලංකාව වටා හඳුනාගත් වෙරළ තිරයන් ආශිත ජීවත ආරක්‍ෂක මධ්‍යස්ථවල ස්ථානගත කර ඇති අතර, හදිසි අවස්ථාවන්හිදි ක්‍ෂණිකව හා කාර්යක්‍ෂම ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාව ඔවුන් සතුය. 2024 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජිවිත ආරක්‍ෂක නිලධාරින් විසින් පුද්ගලයින් 288 දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට සමත් වී ඇත.
මෙම අනතුර ජල ප්‍රවාහයන්වල ඇති මාරාන්තික භාවය සහ විවෘත මුහුදේ ස්නානය කරන විට ආරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිපැදීමේ වැදගත්කම තහවුරු කරයි. ශ්‍රී ලංකා වෙරලාක්‍ෂක දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විශේෂයෙන්ම නම්කර ඇති ආරක්‍ෂිත ස්ථානවල පමණක් ජලය ස්නානය කරන ලෙසත්, සේවයේ නියුතු ජීවිත ආරක්‍ෂකයින්ගේ උපදෙස් සැමවිටම පිළිපදින ලෙසත්ය.
අනුග්‍රහය - coastguard.gov.lk