ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI BUNG TOMO' නෞකාව - 357 කොළඹ වරායට පැමිණෙයි

පෙබරවාරි 17, 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI BUNG TOMO - 357' නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ 16) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

බහුකාර්ය සැහැල්ලු නෞකා කාණ්ඩයට අයත් දිගින් මීටර් 95ක් වන මෙම නෞකාව කාර්ය මණ්ඩලයේ 111 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි වත්මන් අණදෙන නිලධාරී ලෙස කැප්ටන් DEDI GUNAWAN WIDYATMOKO කටයුතු කරනු ලබයි.

නෞකාව කොළඹ වරායේ රඳවා තැබෙන කාලය තුළ එහි නැව්මුලුවේ සාමාජිකයින් කොළඹ නගරය අවට සංචාරක ආකර්ෂණික ස්ථාන කිහිපයක සංචාරය කිරීමට අපේක්ෂා කරන බවද අද (පෙබ 17) සන්ධ්‍යාවේ නෞකාව දිවයිනෙන් පිටත් වීමට නියමිත බවත් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.