ලෝක හමුදා දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්
CISM මාර්ග ධාවනය පැවැත්වේ
පෙබරවාරි 19, 2025
ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින Conseil International du Sport Militaire’ (CISM) මාර්ග ධාවනය පැවැත්විණි. ලොව පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙර සූදානම සහ ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කරගනිමින් මෙම මාර්ග ධාවනය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ආරම්භ වූ මෙම මාර්ග ධාවනය ආසන්න වශයෙන් කිලෝමීටර් 2.6 ක දුරක් ආවරණය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුවේදී සමාප්ත විය.
මාර්ග ධාවනයේ සමාප්තිය සනිටුහන් කරමින් සහභාගි වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කල අතර, එහිදී ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් ඇගයීමට ලක් කොරිණි.
අනුග්‍රහය - www.army.lk