ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

මාර්තු 04, 2025

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කිරීම අනුමත කර ඇත.

ඒ අනුව, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් අද (මාර්තු 04) දින එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර වෙත ඊට අදාළ පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදි.