ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක
මාර්තු 04, 2025ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් පසුගිය සඳුදා (මාර්තු 3) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණියහ.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ශාන්ත හේවගේ ප්‍රමුඛ දූත පිරිස සිදු කල මෙම සංචාරයේ අරමුණ වූයේ වත්මන් ආරක්‍ෂක තත්වය හා ආරක්‍ෂක අමාත්‍යංශයේ කාර්යභාරය පිළිබඳ ශිෂ්‍ය නිලධාරීන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංවිධානාත්මක ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබාදීමයි.
සංචාරය අතරතුර, මේජර් ජෙනරල් හේවගේ හා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ත්‍රිවිධ හමුදා අධ්‍යයන පීඨවල ප්‍රධාන උපදේශකයින්, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා සහ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් නදීක කුලසේකර සමඟ ඵලදායී සාකච්ඡාවක ද නිරත වුහ.
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නියෝජනය කරමින් පැමිණ සිටි උපදේශක නිලධාරීන්, විදෙස් ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම අතර අර්ථවත් සංවාදයක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශවයේ නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ද මෙම සාකච්ඡාවට එක් විය.