පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Aslat නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණේ

මාර්තු 06, 2025

පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Aslat යුධ නෞකාව ඊයේ (මාර්තු 5) දින මෙරට නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.

මීටර් 123 ක දිගින් යුක්ත වන මෙම PNS Aslat නෞකාවට කපිතාන් Muhammad Azhar Akram විසින් අණ දෙනු ලබයි. දිවයිනේ රැඳී සිටින කාලය තුළ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කොළඹ නගරයේ විවිධ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක චාරිකාවක නිරත වනු ඇත.

සංචාරයෙන් අනතුරුව අද (මාර්තු 6) දින මෙම නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිත බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.