යෝජිත ගුවන් හමුදා රෝහල් ඉදිකිරීම් පිළිබඳ සාකච්චාවක්
ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
මාර්තු 07, 2025
යෝජිත ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ රැස්වීමක් අද (මාර්තු 7) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය ආයතන කිහිපයක නියෝජිතයින් සහ පළාත් පාලන ආයතන නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් යෝජිත රෝහල සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමු වූ අතර, යටිතල පහසුකම් සංවර්ධනය, මූල්‍ය තත්වය සලකා බැලීම සහ ව්‍යාපෘතිය නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර, සම්බන්ධීකරණය ඇතුළු වැදගත් මාතෘකා කිහිපයක් මෙහිදී සාකච්ඡාවට භාජනය කරන ලදී.
ගුවන් හමුදාව තුල සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා රෝහලේ වැදගත්කම ආරක්‍ෂක ලේකම්වරයා විසින් අවධාරණය කල අතර, ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.