නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සංචාරයක නිරත වේ

මාර්තු 09, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (මාර්තු 7) දින කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිළ සංචාරයක නිරත විය.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක කාර්යාලයේදී ඔවුන් සුහද සාකච්ඡාවක නිරත විය.

එහිදී මේජර් ජෙනරල් මුණසිංහ විසින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකෙන ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සුවිශේෂී කාර්යභාරය සහ අධ්‍යයන ක්‍රියාවලිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරන ලදී. තවද, විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ශිෂ්‍ය නිලධාරීන් සඳහා දේශනයක් පැවැත්වෙන ආකාරය ද, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය.

ශ්‍රී ලංකාව තුල ජාතික ආරක්‍ෂක අධ්‍යාපනය ශක්තිමත් කිරීමට මෙන්ම, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලය අතර, සහයෝගීතාව වර්ධනය කිරීමට ඇති කැපවීම මෙම සංචාරය තුලින් පිලිබිඹු විය.