නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 'Diners’ Club' හි ආරාධිත දේශනයක් පවත්වයි
මාර්තු 14, 2025ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි පළමු වාරය සඳහා පැවති 'Diners’ Club' වැඩසටහනට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය. එහිදී, ‘Strategic Challenges and Law & Order: Safeguarding Sri Lanka’s Path to Prosperity’ යන මාතෘකාව යටතේ ආරාධිත දේශනයක් පැවැත්වූ අතර, එහිදී ජාතික ආරක්‍ෂාව සහ රාජ්‍ය පාලනයට අදාළ තීරණාත්මක මාතෘකා කිහිපයක් පිළිබඳ වැදගත් ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.
මෙම උත්සවය ඊයේ (මාර්තු 12) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි. සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන 'Diners’ Club' වැඩසටහන එම විද්‍යාලයේ පාඨමාලා ව්‍යුහය තුල පැවැත්වෙන ඉතා වැදගත් අංගයකි.
රාජ්‍ය ප්‍රතිපත්තිය තුල කේන්ද්‍රීය අරමුණ වන "Clean Sri Lanka" ව්‍යාපෘතිය සමඟ අනුගත වෙමින්, සියලු ශ්‍රී ලාංකිකයන් එක්ව ජාතියක් වශයෙන් මානව අයිතිවාසිකම් සුරැකීම සහ එකමුතුකම පිළිබඳ හැඟීමක් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සාමාජීය හා චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ වැදගත්කම නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා එහිදී තවදුරටත් අවධාරණය කළේය. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් නූතන තාක්‍ෂණයෙන් පෝෂණය කිරීම සඳහා රජයේ කැපවීම ද ඔහු තහවුරු කළ අතර, රටේ සංවර්ධන වැඩසටහන තුල මෙරට සාගර කලාපය හා සම්බන්ධ සමුද්‍රීය ක්ෂේත්‍රය තීරණාත්මක සාධකයක් වන බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව දෙස් විදෙස් හමුදා නිලධාරීන් වෙත උසස් වෘත්තීය හමුදා අධ්‍යාපනය ලබා දීම සඳහා මෙන්ම දෙස් විදෙස් ශිෂ්‍ය නිලධාරීන් අතර උපායමාර්ගික සාකච්ඡා දිරිගැන්වීම සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කැපවීම පෙන්නුම් කරයි.
උත්සවය අවසානයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ශාන්ත හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගෞරවනීය පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ද සහභාගී වූහ.