ප්‍රංශ නාවික හමුදාවට අයත් 'PROVENCE' නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
මාර්තු 17, 2025ප්‍රංශ නාවික හමුදාවට අයත් 'PROVENCE' නෞකාව ඊයේ (මාර්තු 16) දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නෞකාව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
Destroyer කාණ්ඩයට අයත් මෙම නෞකාව මීටර් 142.20 ක දිගින් යුක්ත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Lionel SIEGFRIED කටයුතු කරනු ලබයි. නෞකාව ශ්‍රී ලංකාවේ රඳවා තැබෙන කාලය තුළ, එහි කාර්ය මණ්ඩලය දිවයින පුරා පිහිටි සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වනු ඇත. නෞකාව එළඹෙන මාර්තු 20 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිත බව මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.