ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
මාර්තු 18, 2025
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Séverine Chappaz මහත්මිය පසුගිය සිකුරාදා (මාර්තු 14) දින කොළඹ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුවේදී දෙපාර්ශවයම ප්‍රජා සුබසාධන සහ මානුෂීය සහයෝගීතා වැඩසටහන් මෙන්ම ආපදා කළමනාකරණ සඳහා වන සහයෝගීතාවන් ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළහ.
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී රතු කුරුස කමිටුවේ වැදගත් කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිහිපත් කරන ලද අතර, රතු කුරුස කමිටුවේ ඉදිරි වැඩසටහන් සඳහා සහයෝගීතාවය සහ පහසුකම් සැලසීමේ ශක්තිමත් හවුල්කාරිත්වය වෙනුවෙන් වන රජයේ කැපවීම මෙම හමුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම, වෘත්තීය හමුදා පුහුණු පාඨමාලා/ අභ්‍යාසවලට ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුලත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම සහ අදාළ ජාත්‍යන්තර පුහුණු පාඨමාලා සහ අභ්‍යාසවලට සහභාගී වීමට ඇති සූදානම ඔහු මෙහිදී තහවුරු කළේය.
ශ්‍රී ලංකාවේ මානුෂීය ප්‍රයත්නයන් සඳහා සහය දැක්වීම සඳහා රතු කුරුස කමිටුවේ කැපවීම Chappaz මහත්මිය මෙහිදී තහවුරු කළාය. රතු කුරුස කමිටුව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ජෙනරල් Lloyd Gillet (විශ්‍රාමික) සහ චන්න ජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුහ.