ආරක්ෂක ලේකම් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

ජනවාරී 02, 2021

ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 2) දින  උදෑසන අකුරෙගොඩ  දැනට ඉදිවෙමින්  පවතින  ආරක්ෂක මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ  නිරීක්ෂණ චාරිකාවක  නිරත විය.

එහිදී  ජෙනරාල් ගුණරත්න මහතා ව්‍යාපෘති නිලධාරීන් සමඟ එහි ඉදිවෙමින් පවතින සියලුම අංශවල කටයුතු පරීක්ෂා කරන ලදී.

අංශ කිහිපයක ප්‍රගතිය පිළිබඳව ද විමසා  බැලූ අතර ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස  ව්‍යාපෘති නිලධාරීන්ට උපදෙස් ලබා  දුන්නේ ය.

තවද, එම පරිශ්‍රයේ  සිදු කරමින් පවතින ඉදිකිරීම් පිළිබඳව කෙටි  ඉදිරිපත් කිරීමක් ද සිදුකරන  ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ඉංජිනේරු එස්.ජී.ඒ.කේ.ආර් සෙනෙවිරත්න මහත්මිය, හමුදා සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර සහ ත්රිවිධ හමුදා සිවිල් ඉංජිනේරුවරුන් ද සහභාගි විය.