'Clean Sri Lanka' ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී
මාර්තු 21, 2025
ආරක්‍ෂක අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින "Clean Sri Lanka" ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ සැසියක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත අද (මාර්තු 21) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
එහි ආරම්භක අදහස් දැක්වීම, ගාමිණී මහගමගේ මහතා (අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති) විසින් පවත්වන ලද අතර, මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමේදී අමාත්‍යාංශයේ කාර්යභාරයේ වැදගත්කම පිළිබඳ එහිදී ඔහු අවධාරණය කළේය.
ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වාදීමේ සැසිවාරය ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා (අධ්‍යක්‍ෂ ජෙනරාල් සැලසුම් - ආපදා කළමනාකරණ) විසින් මෙහෙයවූ අතර, "Clean Sri Lanka" සංකල්පය ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙහෙයුම් හා ඒකාබද්ධ කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේය.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්' යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුණු, ඉදිරි වැඩපිළිවෙල සහ ඒ ඔස්සේ බලාපොරොත්තු වන පරිවර්තනීය වෙනස්කම් ඇති කිරීමට පවතින හැකියාව පිළිබඳ කරුණු ඉස්මතු කරමින් ඔහු තවදුරටත් විස්තර කළේය.
මෙම අවස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන වල ප්‍රධානීන්ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තම අංශ තුළ පෙර අවස්ථාවන් වලදී ක්‍රියාත්මක කරන ලද මීට සමාන වැඩසටහන් හරහා ලබාගත් අත්දැකීම් බෙදා ගැනීමට වේදිකාවක් ද සපයන ලදී.
තිරසරභාවය සහ ජාතික සංවර්ධනය සඳහා නව්‍ය ප්‍රවේශයන් අවධාරණය කරමින්, "Clean Sri Lanka" ව්‍යාපෘතියට සමගාමීව අනාගත මුලපිරීම් සඳහා වන උපාය මාර්ග රාශියක් පිළිබඳ එහිදී ඔවුහු සාකච්ඡා කළහ.
ජාතික සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය සඳහා අමාත්‍යාංශයේ දායකත්වය පිළිබඳ තවත් වැදගත් පියවරක් මෙම ප්‍රගති සමාලෝචන සැසිය මගින් සනිටුහන් කරනු ලැබූ අතර, පිරිසිදු හා සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා එහි කැපවීම ශක්තිමත් කරයි.