ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි
මාර්තු 24, 2025ජාතික ශිෂ්‍යභට බළකායේ වෙත නවතමයෙන් පත් කරන ලද අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක අද (මාර්තු 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ජාතික ශිෂ්‍යභට බලකායේ 15 වන අධ්‍යක්‍ෂවරයා ලෙස පත් වූ බ්‍රිගේඩියර් ප්‍රේමතිලක අද දින ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ ධුරයට පත්වීමට පෙර, ඔහු රොක් හවුස් කඳවුරේ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බළසේනාධිපති තනතුර හෙබවීය.