ලෝක කාලගුණ විද්‍යා දිනය - 2025 සැමරුම නියෝජ්‍ය ආරක්‍ෂක
අමාත්‍යයවරයාගේ ප්‍රදානත්වයෙන්
මාර්තු 25, 2025
- සෑම වසරකම මාර්තු 23 දින, ලෝක කාලගුණ විද්‍යා දින සැමරීම සිදුකරන අතර, මෙවර ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ 75 වන සංවත්සරය ද, මෙදිනට යෙදී තිබීම සුවිශේසී වේ.
"පූර්ව අනතුරු ඇඟවීමේ පරතර එක්ව වසා දමමු "යන තේමාව යටතේ මෙවර ලෝක කාලගුණ විද්‍යා දින සැමරීම කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී අද (මාර්තු 25) සිදු කෙරුණු අතර, සමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය.
එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒ කේ කරුණානායක මහතා විසින් පිළිගන්නා ලදි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 1950 මාර්තු 23 වන දින පිහිටුවන ලද අතර, එම දිනය මුල් කරගෙන සෑම වසරකම ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලබයි. මෙම දිනයේදී මානව වර්ගයාගේ මෙන්ම, පරිසරයේ යහපැවැත්ම සඳහා කාලගුණ විද්‍යාවේ අත්‍යවශ්‍ය දායකත්වය හා කාලගුණ හා දේශගුණික විපර්යාස මඟින් පෘථිවිය මුහුණ දෙන විවිධ ව්‍යවසනයන් පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සිදුකරනු ලබයි.
රාජ්‍ය - පුද්ගලික අංශ දෙකම එක්ව ක්‍රියා කරන්නේ නම් වඩා ශක්තිමත් සහ සමාජ ආරක්‍ෂාවට උපකාරී වූ පුර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක් ගොඩනැගීමෙන් ප්‍රජාවන් ආරක්‍ෂා කිරීමටත්, දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන බවත්, ශ්‍රී ලංකාව තුල මෙම භාරධුර කාර්යයෙහි පෙරමුනෙහිම සිටින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දශක 7 කට වඩා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සමඟ එක්ව කාලගුණ හා දේශගුණ සේවා වඩාත් ප්‍රායෝගික හා කාර්යක්‍ෂම භාවිතාවන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කර ඇති බවත්, මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යයවරයා සඳහන් කරන ලදි.
මෙම සැමරුම් දින උත්සවය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී පී වික්‍රමසිංහ, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් ගුණසේකර යන මහත්වරුන් ද, ආපදා කළමනාකරණ අංශයේ සැළසුම් අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සිට විශ්‍රාම ගිය හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරු, අධ්‍යක්‍ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරු සහ කාලගුණ විද්‍යාඥයින් මෙන්ම, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, සහභාගි විය.