ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
මාර්තු 28, 2025නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 27) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
පසුගිය මාසයේ මෙහි මූලික සාකච්ඡාවක් පැවති අතර, මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. ශ්‍රී ලංකා හමුදාවන්ගේ පුළුල් අත්දැකීම් සහ හැකියාවන් ඉස්මතු කරමින්, මෙම මෙහෙයුම් සඳහා රටේ කාර්යභාරය පුළුල් කිරීමේ උපායමාර්ගික වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික මෙන්ම ජාත්‍යන්තර අවශ්‍යතා සඳහා කැපවන එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තුළ වැඩි වගකීම් භාර ගැනීම සදහා වන ශ්‍රී ලංකාවේ කැපවීම අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් හී ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිගනිමින් Marc-André Franche හමුදාවන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම අගය කළේය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නැගී එන ප්‍රවණතා පිළිබඳව වැඩි දැනුවත්භාවයක් සහ සංවාදයක් ඇති කිරීම අරමුණු කරගත් හුවමාරු වැඩසටහන් සබැඳිව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදි. විෂය ප්‍රවීණයින් සහ ශ්‍රී ලංකා හමුදාවන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන්, ඉදිරි මෙහෙයුම් සඳහා සහයෝගීතාවය සහ සූදානම වැඩි දියුණු කිරීමට දායක වේ.
තවද, ශ්‍රී ලංකාව ප්‍රජාව කෙරෙහි එක්සත් ජාතීන් දක්වන අඛණ්ඩ සහායෝගය සහ විශ්වාසය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
මෙම සහයෝගීතාවන් ඉදිරියට ගෙන යාම සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ විය.