ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
මාර්තු 28, 2025ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රාජිත ප්‍රේමතිලක පසුගියදා (මාර්තු 27) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සිය කාර්යාලයේදී හමුවිය.
මෙම හමුව අතරතුරදී, බ්‍රිගේඩියර් ප්‍රේමතිලක විසින් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ මග පෙන්වීම වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පල කළේය.
එහිදී, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බලකාය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන්, පාසල් ශිෂ්‍යභටයින් අතර නායකත්වය සංවර්ධනය සහ දේශප්‍රේමය ඇති කිරීම සඳහා වන වැඩසටහන් මෙන්ම තරුණ ප්‍රජාව සංවර්ධනය කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ දායකත්වය පැසසුමට ලක් කළේය. ජාතික ශිෂ්‍යභට බලකාය ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශයේ කැපවීම සහ වගකිවයුතු සහ දක්‍ෂ අනාගත නායකයින් හැඩගැස්වීමේ එහි මෙහෙවරට සහාය වීම මෙහිදී ඔහු යළිත් තහවුරු කළේය.
ජාතික ශිෂ්‍යභට බලකායේ ශිෂ්‍ය සහභාගිත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පුළුල් කිරීම, උසස් පුහුණු ක්‍රමවේද ඇතුළත් කිරීම, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් ජාතික සංවිධාන සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම ආදී පුළුල් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය විය.
ජාතිය ගොඩනැගීමේ සහ තාරුණ්‍ය සවිබල ගැන්වීමේ දී ජාතික ශිෂ්‍යභට බලකායේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා වන අන්‍යෝන්‍ය කැපවීම තහවුරු කරමින් සාකච්ඡාව අවසන් විය.