අයවැය තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන්
මාර්තු 28, 2025ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගියදා (මාර්තු 21) අනුමත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (මාර්තු 26) අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ඉදිරි දැක්ම සහ ජාතික ප්‍රතිපත්තිය සමඟ සමපාත වන අයුරින් අයවැය ක්‍රියාත්මක කිරීම පෙළගැස්වීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
ඵලදායී අයුරින් හා විනිවිදභාවයකින් යුක්තව ආරක්‍ෂක අයවැය භාවිතා කිරීම ජාතියක ආරක්‍ෂාව සහ සංවර්ධනය කෙරෙහි බලපාන ඉතා වැදගත් සාධක වේ. අයවැය ප්‍රතිපාදන උපායමාර්ගිකව ක්‍රියාත්මක කර ඇති බව සහතික කිරීම ඔස්සේ "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" පිළිබඳ රජයේ පුළුල් දැක්මට සහාය වෙමින් සමස්ත ජාතියේ ආරක්‍ෂාව, සමෘද්ධිය සහ යහපැවැත්ම තහවුරු කිරීමට හැකි වනු ඇත.
මෙම රැස්වීමේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල් අනුර රණසිංහ මහතා විසින් අයවැය ප්‍රතිපාදන සහ එහි අපේක්‍ෂිත ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි. ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ත්‍රිවිධ හමුදාව මුහුණ දෙන අභියෝග පිළිබඳ කරුණු කිහිපයක් ඉස්මතු කළේය.
එපමණක් නොව, ආරක්‍ෂක අයවැය කාර්යක්‍ෂමව යෙදවීම සහ කාලසීමාව මෙන්ම අයවැය ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සහතික කිරීම සඳහා අධීක්‍ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව පුළුල් ලෙස ආවරණය කරන ලදි.
මෙම සාකච්ඡාව අවසානයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මුල්‍ය විනිවිදභාවය, වගවීම සහ උපායමාර්ගික ආයෝජනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. තවද, මෙරට සියලු පුරවැසියන් වෙනුවෙන් ආරක්‍ෂිත සහ ප්‍රගතිශීලී සමාජයක් ඇති කිරීම සඳහා ආරක්‍ෂක වියදම් නිසි පරිදි කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වන බවද අවධාරණය කළේය.
යුද සහ ගුවන් හමුදාපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.