සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 562 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

ජනවාරී 03, 2021

අද ( ජනවාරි 03) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 515 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 44,370 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත්  ආසාදිතයින් අතරින් 13 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් සහ දෙදෙනෙක් විදේශිකයන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 144 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 96 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 47 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 215 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 03) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 40,606 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 33,959 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (02) දින තවත් PCR පරීක්ෂණ 14,600 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 181 ක් වන අතර ඒ අතුරින් 43 දෙනෙකු මාලදිවයිනේ සිට, 16  දෙනෙකු කටාර් සිට, 12 දෙනෙකු ඔස්ට්‍රේලියාවේ සිට, 50 දෙනෙකු ජපානයේ සහ 60 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 562 කි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 36,716 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,443 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73 ක් යටතේ පුද්ගලයින් 4,735 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ.