සංග්‍රාමික ඉංජිනේරු සම්මන්ත්‍රණය - 2025 හි ප්‍රධාන දේශනය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරයි
අප්‍රේල් 03, 2025ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණ පරිශ්‍රය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. "Adapting for the Future: Strategic Approaches of the Corps of Sri Lanka Engineers Blueprint for the Evolving Geostrategic Landscape." යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විය.
ජාතිය ගොඩනැගීමේදී ඉංජිනේරු බලකායේ අත්‍යවශ්‍ය කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී අවධාරණය කල අතර, පාරිසරික ගැටළු වලින් ඔබ්බට සමාජ පරිවර්තනය පිළිබඳ පුළුල් දැක්මක් දක්වා විහිදෙන රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල පිළිබදව ද, ඔහු මෙහිදී අදහස් දැක්වීය. යටිතල පහසුකම් සංවර්ධනය සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉංජිනේරු විශේෂඥතාව උපයෝගී කර ගැනීමට ඉංජිනේරුවන් අද්විතීය ලෙස ස්ථානගත වී ඇති බවද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්, මානුෂීය ආධාර, ආපදා සහන මෙහෙයුම් සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් ඉංජිනේරු බලකාය විසින් ඉටු කරන අතර, ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සහ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා විශේෂඥතාව සඳහා වන ඉහල ඉල්ලුම පිළිබඳව ඔහු තවදුරටත් අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයට ඉංජිනේරු බලකාය විසින් කරනු ලබන තීරණාත්මක දායකත්වය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) සිය දේශනයේදී සිහිපත් කරන ලදී. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සංග්‍රාමික ඒකකයක් පමණක් නොව, හමුදා සහ සිවිල් ක්ෂේත්‍ර දෙකෙහිම සිය දායකත්වය ලබාදීමට, නවෝත්පාදනය කිරීමට සහ නායකත්වය ලබා දිය හැකි පරිවර්තනීය බලවේගයක් බවද, ඔහු අවධාරණය කළේය.
මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.