ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් අමාත්‍යංශ කාර්යමණ්ඩලයට වියළි සලාක ඇසුරුම් පිරිනමයි
අප්‍රේල් 09, 2025එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ හා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු සුළු සේවක මහත්ම මහත්මින් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 9) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙහි සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ උදාර සංකල්පයක් මත මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණ.
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ අමාත්‍යාංශ කාර්යමණ්ඩලය දිරිගැන්වීමක් ලෙස එහි සේවයේ නියුතු සුළු සේවක මහත්ම මහත්මීන් පිරිසක් වෙත මෙම වටිනා වියළි සලාක ප්‍රදානය සිදු කෙරිණි.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒ්කකයේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.