Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වේ
අප්‍රේල් 09, 2025"Clean Sri Lanka" ව්‍යාපෘතිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල මාණ්ඩලික නොවන නිලධාරීන් දැනුවත් කිරීමේ සහ ඊට අදාලව ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර ඊයේ (අප්‍රේල් 08) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක මාණ්ඩලික නොවන නිලධාරීන් සඳහා අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේ පළමු අදියර වශයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ දින පැවැත්වුණු අතර, එළඹෙන අප්‍රේල් 24, 28, 29 යන දිනවලදී එහි අනෙකුත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පරිපාලන තිරසාරභාවය, සමාජ තිරසරභාවය, පාරිසරික තිරසරභාවය හා ආර්ථික තිරසරභාවය යන අංශ උසස් කරලීම මූලික අරමුණු කරගත් “Clean Sri Lanka” ව්‍යාපෘතිය වර්තමානය වන විට ඉතාමත් සාර්ථක අයුරින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම වැඩසටහනේදී "Clean Sri Lanka" ජාතික මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා සක්‍රීයව දායක විය හැකි ආකාර පිළිබඳව සහභාගී වූ පිරිස දැනුවත් කිරීම මෙන්ම, ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලදි.
ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමෙහිලා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන ආරක්‍ෂක අමාත්‍යාංශය පිරිසිදු හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා වන රජයේ දැක්මට සහය දැක්වීමට සිය කැපවීම යළිත් අවධාරණය කළේය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල මාණ්ඩලික නොවන නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.